Handbook

සමාජ ව්‍යවසායකයන්ගේ අත්පොත

සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වීමට මග

ශ්‍රී ලංකාවට “සමාජ ව්‍යවසායකත්වය” මුල් වරට හඳුන්වාදුන් පුරෝගාමියා සහ “සෙලංකා” – සමාජ ව්‍යවසායකයන්ගේ කේන්ද්‍රයේ නිර්මාතෘ එරන්ද ගිනිගේ මහතා විසින් රචිත “සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වීමට මග” – සමාජ ව්‍යවසායකයන්ගේ අත්පොත අප රටේ අනාගත ගමන්මග වෙනස් කරන ප්‍රායෝගික කෘතියකි.

සමාජ ව්‍යවසායකත්වය යනු සමාජයේ හෝ පරිසරයේ හෝ පවතින යම් නිශ්චිත ගැටළුවකට ව්‍යවසායී විසඳුම් ලබා දීමෙන් සමාජ සුබලපෑමක් ඇති කිරීමය. සාම්ප්‍රදායික ව්‍යාපාර, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ආකෘති පරිවර්තනය කරමින් ලෝකයේ බිහි වෙමින් පවතින සමාජ ව්‍යවසාය විප්ලවය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පරමාර්ථයේ ඉතා වැදගත් පියවරක් ලෙස මෙම පොත හැඳින්විය හැකිය.

සමාජ ව්‍යවසායකත්වයේ මූලික සංකල්ප, සමාජ ගැටළුවක් අවබෝධ කර ගැනීම, සමාජ කේන්ද්‍රීය විසඳුම් නිර්මාණය සහ සමාජ ව්‍යවසාය ආකෘති නිර්මාණය ඇතුළු අත්‍යවශ්‍ය කරුණු රැසක් සහ ප්‍රායෝගික මෙවලම්ද මෙම පොතේ ක්‍රමානුකූලව සහ සැකෙවින් සකස් කොට ලියා ඇත.

සමාජ සහ පාරිසරික ගැටළු විසඳීමට උනන්දුවක් ඇති සෑම කෙනෙකුටම  මෙම අත්පොත ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

ඔබේ නිවසට හෝ කාර්යාලයට තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගැනීමටඅංකය අමතන්න. නැතිනම් SMS හෝ WHATSAPP පණිවිඩයක් එවන්න. නැතිනම් වෙත විද්‍යුත් ලිපියක් එවන්න.

 

**පොත්සැල් වලින් හෝ වෙනත් කිසිදු වෙළඳසැලකින් මිලදී ගත නොහැක.

පොතේ අඩංගු සමාජ ව්‍යවසාය මෙවලම් වල A3 ප්‍රමාණයේ පිටපත මෙතනින් ලබා ගන්න.

එම මෙවලම් භාවිතා කරන ආකාරය පෙන්වන උදාහරණ මෙතනින් ලබා ගන්න.